2024 මැයි 12, ප.ව. 8:53
යුක්‍රේනයට ළඟදීම F-16 ගුවන් යානා ලැබෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ඊව්නිංග් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත නොබෝදා වාර්තා කර තිබුණා. ඉහළ පෙළේ හමුදා ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත්පත පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය තුළ මෙසේ F-16 යානා ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත් එම යානා ලැබෙනුයේ කිනම් රටකින් ද සහ කොපමණ යානා ලැබේද යයි එම වාර්තාවෙන් කියැවුණේ නැහැ. එළඹෙන ජූනි මාසයේ හෝ ජූලි මාසයේ එම යානා ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළවී තිබෙනවා.
පසුගිය මාර්තුවේදී නෙදර්ලන්තය ප්‍රකාශ කළේ පළමුවෙන්ම F-16 ගුවන් යානා ලබාදෙනු ඇත්තේ ඩෙන්මාර්කය විසින් බවයි. එය ගිම්හානයේ සිදුවන බවත් නෙදර්ලන්තය ද ඉන් ස්වල්ප කලකට පසු F-16 යානා යුක්‍රේනය වෙත ලබාදෙන බවත් ප්‍රකාශ කර තිබුණා. ඩෙන්මාර්කය යානා 19 ක් ද නෙදර්ලන්තය යානා 24 ක් ද පොරොන්දු වී ඇති බවයි මීට පෙර වාර්තා වී තිබුණේ.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
10-02-25
10-02-25
19-05-24
19-05-24
17-05-24
17-05-24
17-05-24
17-05-24
15-05-24
15-05-24
14-05-24
14-05-24
14-05-24
14-05-24
13-05-24
13-05-24
12-05-24
12-05-24
11-05-24
11-05-24
08-05-24
08-05-24