2024 මැයි 21, ප.ව. 1:23
 
            
රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවයි.
මේ වනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසුවා.
“වාහන ආනයනය කිරීම සම්බන්ධව… අපිට රටේ ඇති වුණ ප්‍රශ්නය විසඳගන්න, එක ඩොලර් එකක්වත් අපි ළඟ නැති තත්ත්වයකට පත් වුණානේ. ඒ නිසා අපිට ආනයනයන් දෙදාහක් නවත්තන්න වුණා. එච්එස් කෝඩ් 2000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපි දැන් අනිත් සියල්ලම විවෘත කළා. දැන් ඉතුරුවෙලා තියෙන්නේ වාහන පමණයි. ඒවත් අවශ්‍යතාවය මත ගේන්න ඉඩ දෙනවා. සංචාරක කර්මාන්තයට අපි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. අවශ්‍ය පරිදි වාහන ගේන්න අනුමැතියක් ඇතිව. එකෙන් දෙන පණිවූඩය මොකක්ද? අපිට මේක වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අවශ්‍යයි රට නැවත අර වාගේ හිරවෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න. දැන් අපි ඩොලර් බිලයන 5.5ක සංචිතයක් තියාගෙන ඉන්නවා. අපිට ගැලපෙන පරිදි, රටේ අවශ්‍යතාවය පරිදි, ඒක කරන්න අපි සූදානම්.”
 
                                                        2025 ඔක්‍තෝබර් 30, ප.ව. 3:13
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 10:23
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 8:23
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:34
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25