hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 මැයි 26, ප.ව. 1:38



ගුජරාටයේ රාජ්කොට් හි විනෝද උයනක සිදුවූ ගින්නකින් ළමුන් ඇතුළු 27 දෙනකුවත් මියගොස් ඇතැයි වාර්තා වුණා.

ඊයේ සන්ධ්‍යා යාමයේ මෙම අනතුර සිදුවූ අතර ඊට නිශ්චිත හේතුවක් සොයාගෙන තිබුණේ නැහැ. අනතුර සිදුවන විට එහි ළමුන් රැසක් සිටි බවයි වාර්තා වූයේ. එමෙන්ම බොහෝදෙනාගේ සිරුරු පිළිස්සී තිබූ හෙයින් හඳුනාගැනීම ද අපහසු බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් සෙවීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත්කර ඇතැයි මහ ඇමති බුපේන්ද්‍ර පටෙල් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම එම අනතුර පිළිබඳ අසා තමා කම්පාවට පත් වූයේ යයි ද අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවා.

නරේන්ද්‍ර මෝදි 2002 වසරේ ගුජරාට් ප්‍රාන්ත සභාවට පත්වූයේ ද රාජ්කොට් ප්‍රදේශයෙන්.