hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 මැයි 29, පෙ.ව. 12:02



කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවකට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත  කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමට ය.

මේ වන විට අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට සේවකයින් 267 දෙනෙකු මනාපය පළ කර ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව රාජ්‍ය ව්‍යවසායයන්හි අතිරික්ත සේවකයින් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශයන්ට යටත්ව, සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත  කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: