hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 මැයි 31, පෙ.ව. 12:04



ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම අදියර හතරකින් ලිහිල් කිරීමට නිර්දේශ කර ඇත.

එම කමිටුව විසින් ඊට අදාළ කාල රාමුවද ඉදිරිපත් ක‍ර ඇත.

එම කමිටුවේ නිර්දේශ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත.

එම කමිටුව යෝජනා කර ඇත්තේ වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් වාර්ෂිකව රේගු ආදායම මිලියන 340ක් පමණ ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

ඒ යටතේ ප්‍රථමයෙන් වාණිජ වාහන සහ පොදු ප්‍රවාහන සේවා වාහන, පසුව යතුරුපැදි, ත්‍රිරෝද රථ ආදිය ආනයනය කිරීමටත්, අවසානයේ මෝටර් රථ සහ සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමටත් නිර්දේශ ඉදිරිපත් වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: