2024 ජූනි 03, ප.ව. 1:36
ඉන්දියානු නිළි කන්ගනා රනාවුට් එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන මන්ත්‍රීවරියක බවට පත්වනු ඇතැයි පසු සමීක්ෂණ වාර්තා (Exit polls) පෙන්නුම් කරනවා.
ඇය ඇගේ උපන් බිම වන හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ඩි අසුනින් ලෝක් සභා තරගයට ඉදිරිපත්ව සිටියා. මන්ඩි යනු භූගෝලීය වශයෙන් ගත්කළ හිමාචල් හි විශාලම ආසනයයි. එමෙන්ම එය නැගෙනහිර දෙසින් චීනයේ ටිබෙටයට මායිම් වනවා.
මන්ඩි අසුනෙහි කන්ගනාගේ ප්‍රතිවාදියා වූයේ කොන්ග්‍රස් පාක්ෂික ප්‍රබලයකු වන වික්‍රමාදිත්‍ය සිං. ඔහු නැසීගිය හිටපු හිමාචල් මහ ඇමති වීර්බද්‍ර සිංගේ පුත්‍රයා යි. එමෙන්ම, ඉකුත් පාර්ලිමේන්තුවේ එම අසුන නියෝජනය කළේ වික්‍රමාදිත්‍යගේ මව ප්‍රතිභා සිං විසින්.
කෙසේ වෙතත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය හිමාචල් හි ආසන හතරම පහසුවෙන් ජයගනු ඇතැයි පසු සමීක්ෂණ වාර්තා විසින් පෙන්නුම් කෙරෙනවා. මන්ඩි අසුන ද පහසුවෙන්ම බීජේපීය දිනාගනු ඇති බවයි දැනට ලැබෙන වාර්තා අනුව පෙනීගොස් තිබෙන්නේ. එම වාර්තා සත්‍යයක් වුවහොත් කන්ගනා මීළඟ ලෝක් සභාවේ මන්ත්‍රීවරියක වනු ඇති.
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43