hit counter

2026 ජනවාරි මස 18 වන ඉරිදා

2024 ජූනි 04, පෙ.ව. 7:04



අද (04) දිනයේ සිට දින 10ක් තුළ පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර පත්වීම් ලබා නොමැති සේවකයන් 8400කගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ස්ථිර පත්වීම් ලබාදීමට සැළසුම් කර තිබෙන බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.

ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල අවලංගු කර ඒ සඳහා වෙන්කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබෙන බවද සදහන් කරයි.

එහෙත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් පැල දස ලක්ෂයක් දිවයින පුරා රෝපණය කිරීම සිදු කරන බවත් එම ජාතික සැමරුම් උළෙලට සමගාමීව සෑම නිවසකම එක් පැලයක් රෝපණය කරන ලෙස ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: