2024 ජූනි 05, පෙ.ව. 12:02
 
            
සහන ලබාදීමේ මුදල වැඩි කිරීමට කටයුතු කරන්න ලෙසත් වහාම ඒ සදහා අදාළ චක්‍රලේඛය වෙනස් කරන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (04) දින රජයෙන් ඉල්ලීමක් කළා.
එක පවුලකට ලැබෙන රුපියල් 400 මුදල ප්‍රමාණවත් නැති බැවින් ආපදාවලින් විපතට පත් වූවන්ට ලබාදෙන සහනාධාර මුදල වැඩි කරන්නැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් සදහන් කළේ,
” ගංවතුරෙන් විපතට පත් වූ අයට සහන සැලසීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. මේ ජනතාවට ප්‍රමාණවත් සහන කෙටි කාලයක් තුළ සපයන්න.
බොහෝ දෙනාට ආහාර ඇඳුම් පැළඳුම් සියලු දේ අහිමි වෙලා තියෙනවා. මේ අය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අමතර ලක්ෂ දහයක් යවල තියෙනව. ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.
චක්‍රලේඛයේ සඳහන් මුදල් සොච්චම ප්‍රමාණවත් නැහැ. ඒකෙන් විපතට පත්වෙච්ච ජනතාවට කන්න දෙන්න බැහැ. එක වේලක්වත් දෙන්න බැහැ. මේ චක්‍රලේඛය වහාම වෙනස් කරන්න ඕන. සහන ලබාදීමේ මුදල වැඩි කිරීමට කටයුතු කරන්න ඕන.”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25