2024 ජූනි 07, ප.ව. 7:36
නෝර්මැන්ඩි වෙරළට මිත්‍ර හමුදා ගොඩබැසීමේ 80 වන සංවත්සරය සඳහා ඊයේ ප්‍රංශයේදී පවත්වන ලද ප්‍රධාන උත්සවයෙන් කලින් පිටවීම ගැන බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් දැඩි විවේචනයන්ට මුහුණ දී සිටිනවා.
එම සිදුවීම පිළිබඳ සමාව ඉල්ලා සිටින බව ඔහු විසින් නිවේදනය කරනු ලැබුණා.
1944 ජූනි 6 වනදා මිත්‍ර හමුදා නෝර්මැන්ඩි වෙරළට ගොඩබැසීම සෑම වසරකම සමරනු ලබන අවස්ථාවක්. මෙවර එහි ප්‍රධාන උත්සවය සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සහ ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ශොල්ට්ස් ද සහභාගී වී සිටියත් බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඊට එක්ව සිටියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන්.
රිෂී සුනාක් බ්‍රිතාන්‍යය විසින් කරන ලද අනුස්මරණයක් සඳහා සහභාගී වී පිටව ගොස් තිබුණා. එමෙන්ම තමන් බ්‍රිතාන්‍යයේ දී පවත්වන ලද අනුස්මරණයන්ට ද සහභාගී වූ බවත් තම දින සැලැස්ම කලක සිටම සැලසුම් කර තිබූවක් බවත් සුනාක් කියා සිටියා.
කෙසේ වෙතත් මෙම ක්‍රියාව බ්‍රිතාන්‍යයෙහි ඔහුව තදබල ලෙස විවේචනයට ලක්වීමට හේතු වී තිබෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16