hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 ජූනි 25, ප.ව. 8:26



කහටරුප්ප පොලිස් වසමේ හිංනාරන්ගොල්ල ග්‍රාම නිලධාරි වසමේ ජයසිරි නිවස, මුතුමාල, කැන්දගොල්ල, බදුල්ල ලිපිනයේ පදිංචි වයස අවු 18 ක් වූ තරුණයෙක් ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි කහටරුප්ප පොලීසිය පැවසුවා.

මෙසේ මියගොස් ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ ප්‍රදීප් දිසානායක නැමති තරුණයෙක්.

ඊයේ (24) සිය නිවස අසල පිහිටා ඇති අඹ ගසක ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී සොයාගත් බව පොලීසිය පවසයි.

ගෙල වැලලාගෙන මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ කහටරුප්ප පොලීසිය මගින් සිදු කරනු ලබනවා.