2024 ජූනි 08, පෙ.ව. 11:56
යුක්‍රේනය වෙත මිරාජ් 2000-5 ප්‍රහාරක යානා ලබාදීමට කටයුතු කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ජූනි 6 වනදා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එම යානා සඳහා නියමුවන් පුහුණු කිරීමට මාස පහක්, හයක් ගතවනු ඇති බවයි. එම පුහුණුකිරීම් ප්‍රංශයේදී වනු ඇතැයි ද ඔහු කියා සිටියා. මෙම යානා ලබාදෙන කාල රාමුවක් පිළිබඳ හෝ යානා කීයක් ලබාදෙන්නේද යන්න ගැන හෝ මැක්‍රොන් කියා සිටියේ නැහැ.
මිරාජ් 2000-5 ගුවන් යානා ඩසෝල් සමාගම විසින් නිපදවෙන සුපර්සොනික් යානා විශේෂයක්. ඒවා සිව්වන පරම්පරාවේ ප්‍රහාරක යානා වනවා. ගුවනේ සිට ගුවනේ ඉලක්ක මෙන්ම ගොඩබිම ඉලක්ක ද ලබාගත හැකි එම යානාවලට විවිධ මිසයිල වර්ග සහ බෝම්බ ගෙන යා හැකියි. එහෙයින් රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහරදීමට ද එය යොදාගන්නට හැකි වේ යයි විශ්වාස කෙරෙනවා.
ප්‍රංශය විසින් දැනට මෙවැනි යානා 40 ක් පමණ භාවිතා කරන බව විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් මෙම දශකය අවසන් වනවිට ඒවා වෙනුවට ඩසෝල් සමාගමේ රෆාල් ගුවන් යානා හඳුන්වා දෙන්නට නියමිතව තිබෙනවා.
මේ වනවිට යුක්‍රේනයට F-16 ප්‍රහාරක යානා ලබාදීමට රටවල් හතරක් පොරොන්දු වී තිබෙනවා. එම රටවල් වන්නේ නෙදර්ලන්තය, බෙල්ජියම, නෝර්වේ සහ ඩෙන්මාර්කයයි. එමෙන්ම මෙයින් පළමු යානා කිහිපය ගිම්හානයෙදී ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48