hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 ජූනි 09, ප.ව. 1:11



රුසියාවේ නවීනතම ප්‍රහාරක ජෙට් යානාව වන Su-57 යානයකට තමන් විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි සිදුවූයේ යයි යුක්‍රේන හමුදා බුද්ධි සේවය පවසනවා.

අස්ත්‍රහාන් පළාතේ අහ්තුබින්ස්ක් ගුවන් කඳවුර වෙත එල්ල කළ ප්‍රහාරයකදී මෙම හානි සිදුව ඇති බවයි යුක්‍රේන හමුදා බුද්ධි සේවය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර රුසියාවේ උතුරු ඔසේතියාවේ පිහිටි මස්දෝක් ගුවන් කඳවුර වෙත ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූයේ යයි යුක්‍රේන හමුදා බුද්ධි සේවය කියා සිටිනවා.

අහ්තුබින්ස්ක් පිහිටා ඇත්තේ යුධ පෙරමුණෙන් කිලෝමීටර් 589 ක් පමණ ඈතින්. මස්දෝක් ගුවන් කඳවුර සපරෝෂියා සටන් පෙරමුණේ සිට කිලෝමීටර් 900 ක් පමණ ඈතින් පිහිටා තිබෙනවා. මස්දෝක් සිට මිග්-31 සහ තුපෝලෙෆ් යානා යුක්‍රේනයට එරෙහි මෙහෙයුම් සඳහා නිතර ගුවන් ගත වන බවයි යුක්‍රේනය ප්‍රකාශ කරන්නේ.