hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ජූනි 10, පෙ.ව. 12:04



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තුන්වන වරත් සිය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ අනුව​, අගමැති ජවහර්ලාල් නේරුගෙන් අනතුරුව පිට පිටම තුන් වරක් අගමැති ධුරයට පත්වූ පළමු ඉන්දියානුවා බවට ඔහු පත්වනවා.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට තනි බහුතරයක් හිමි වූයේ නැහැ. එහෙයින් ඔහු මෙවර පිහිටුවන්නේ සභාග ආණ්ඩුවක්.

මෙවර කැබිනට් මණ්ඩලයට තිස් දෙනකු පත්කර ඇති අතර එයින් කිහිප දෙනකු භාරතීය ජනතා පක්ෂයේ නොවන අයයි. එයට අමතරව කැබිනට් නොවන රාජ්‍ය ඇමතිවරුන් ද නම්කර තිබෙනවා.