2024 ජූනි 14, පෙ.ව. 12:02
මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලුම ආයතන ජුනි (03) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ බලපත්‍ර රහිත මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ට ඔවුන්ගේ මෙහෙයුම් විධිමත් කිරීමට සහ විධිමත් මාර්ග හරහා මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරත වීමට මහ බැංකුව විසින් අවස්ථාව සලසා දී ඇත.
ශ්‍රී ලංකාවේ මුදල් හුවමාරු සේවා සපයන බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වැනි ආයතන, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම සඳහා මහ බැංකුව හෝ වෙනත් අදාළ බලධාරීන් විසින් දැනට නියාමනය කරනු ලබයි.
එහෙත් සමාන සේවා සපයන සමහර ආයතන විධිමත් පද්ධතියෙන් පිටත ක්‍රියාත්මක වන බවත් ඒවා මුදල් හුවමාරු ක්‍රමය කඩාකප්පල් කළ හැකි අතර මුදල් විශුද්ධිකරණයට සහ ත්රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි වීමට යටත් නොවේ.
මේ සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා විසින් 2005 වසරේ අංක 28 දරන ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ විධිවිධාන යටතේ 2024 අංක 1 දරන 2024 අප්‍රේල් (20) දිනැති මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ රෙගුලාසි නිකුත් කළේය.
මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන ආයතන යනු ” මුදල්, චෙක්පත්, වෙනත් මුදල් උපකරණ හෝ වෙනත් වටිනාකම් පිළිගැනීම සහ ඊට අනුරූප මුදලක් මුදල් හෝ වෙනත් ආකාරවලින් ප්‍රතිලාභියකුට පණිවිඩ සන්නිවේදනය මගින් මාරු කිරීම හෝ ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නා අයත් වන නිෂ්කාශන ජාලයක් හරහා ගෙවීම ඇතුළත් මුල්‍ය සේවා.” ලෙස අර්ථ දක්වයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24