hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 14, ප.ව. 9:14



බ්‍රිතාන්‍යයෙහි මහමැතිවරණයට සති දෙකකට මඳක් වැඩි කාලයක් තිබියදී ප්‍රධාන පෙළේ සමීක්ෂණයකින් පාලක කොන්සර්වේටිව් පක්ෂය අභිබවා ඉදිරියට පැමිණීමට Reform UK පක්ෂය සමත්ව තිබෙනවා.

විසින් ඊයේ නිකුත් කළ YouGov සමීක්ෂණ වාර්තාව අනුව ලේබර් පක්ෂය සියයට 37 ක ජනප්‍රියත්වයක් රඳවා ගනිද්දී Reform UK සියයට 19 ක් සහ කොන්සර්වේටිව් පක්ෂය සියයට 18 ක් ලෙස ජනප්‍රසාදය රඳවාගෙන සිටිනවා. ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂය සියයට 14 ක් සහ හරිත පක්ෂය සියයට හතක් ලෙස ඊළඟට සිටිනවා.

සංක්‍රමණික ගැටළුව සිය මූලිකම තේමාව කරගනිමින් තරග කරන Reform UK පක්ෂයට කොන්සර්වේටිව් පක්ෂයේ දක්ෂිනාංශයෙහි වන ආධාරකරුවන් ඇදී යන ස්වභාවයක් පෙන්නුම් කෙරෙනවා. මේ තත්ත්වය කොන්සර්වේටිව් පක්ෂයේ අනාගතයට ද එතරම් සුබදායක බවක් පෙනෙන්නේ නැහැ.