2024 ජූනි 20, ප.ව. 9:48
යුක්‍රේනයට ඍජුව ආයුධ සැපයීම පිළිබඳ සලකා බලන බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.
එයට හේතු වී ඇත්තේ රුසියාව සහ උතුරු කොරියාව අතර ඇතිවූ ආරක්ෂක එකඟතාවයයි. මෙම එකඟතාව අනුව එක් රටකට කිසියම් ප්‍රහාරයක් එල්ල වුවහොත් අනෙක් රට එම මුල් පාර්ශවය වෙත ආධාර කරන බවට ප්‍රතිඥා දුන් බවයි වාර්තා වන්නේ.
දකුණු කොරියාව පවසන්නේ උතුරු කොරියාවට යුධමය වශයෙන් ආධාර දීම එක්සත් ජාතීන්ගේ සම්බාධක බිඳ දැමීමක් බවයි.
දකුණු කොරියාව මෙතෙක් යුක්‍රේනයට මානුෂීය ආධාර පමණක් ලබාදුන් අතර ඔවුන් වක්‍රාකාරයෙන් ඇමරිකාව හරහා කාලතුවක්කු උණ්ඩ ලබාදුන් බවක් සඳහන් වනවා. නමුත් දකුණු කොරියාව 2022 යුද්ධයෙහි ඇරඹුමෙන් පසු මෙතෙක් ඍජුව යුක්‍රේනයට අවි සපයා නැහැ.
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43