hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 ජූනි 20, ප.ව. 10:56



රුසියාව සහ වියට්නාමය අතර අද ගිවිසුම් දහයකට අත්සන් තැබුණ බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියා.

ජනාධිපති ව්ලදිමීර් පුටින් ඊයේ වියට්නාමයට පැමිණි අතර ඔහු අද වියට්නාම් ජනාධිපති තෝ ලෑම් සහ අනෙකුත් බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූවා.

දෙරට අතර ගිවිසුම් පිළිබඳ වැඩිපුර කරුණු අනාවරණය නොවුව ද වියට්නාමයෙහි න්‍යෂ්ටික තාක්ෂණික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ කරුණු ඒ අතර වූ බව වාර්තා වනවා.

මෙයට අමතරව පුටින් අද රුසියාවේ සහ සෝවියට් දේශයේ අධ්‍යාපනය ලද වියට්නාම් ජාතිකයන් ද මුණගැසුණා.

පුටින්ගේ වියට්නාම් සංචාරය ඇමරිකාවේ දැඩි විරෝධයට හේතු වී තිබෙනවා. වියට්නාමය යුක්‍රේන යුද්ධයේදී මධ්‍යස්ථව සිටින අතර ඇමරිකාව සමග ද මෑතකදී සබඳතා පුළුල් කරගත්තා. නමුත් වියට්නාමයට රුසියාව සමග සම්ප්‍රදායික මිත්‍රත්වයක් ද තිබෙනවා.