hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2024 ජූනි 23, ප.ව. 4:30



හෙට (24) දින සිට පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

හෙට (24) දිනයේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙන්ම උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ ඇති අතර 25 වනදා බස්නාහිර පළාතේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වර්ජනයට එළඹ තිබෙනවා.

එළැඹෙන 26 වනදා සියලුම ගුරු-විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: