2024 ජූනි 27, පෙ.ව. 7:04
කෙන්යාවේ නව මූල්‍ය පනතට එරෙහිව මතුවූ විරෝධයට හිස නමමින් තමා ඊට අත්සන් නොතබන බව ජනාධිපති විලියම් රූටෝ ඊයේ කියා සිටියා.
ජුනි 25 වනදා එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන අවස්ථාවට සමගාමීව දැවැන්ත විරෝධතා පැවති අතර එහිදී උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුවට ද කඩාවැදුණා.
පොලිස් වෙඩි පහර හේතුවෙන් 23 දෙනකු පමණ මියගිය බව ද මේ අතර වාර්තා වී තිබුණා.
පාර්ලිමේන්තුවට ජනතාව කඩාවැදීමට පෙර අදාල පනත සම්මත කරගෙන තිබූ බවයි වාර්තා වූයේ. එහෙත් රූටෝ එයට පවතින තත්ත්වයෙන් අත්සන් තැබීම සිදු නොකරන බව නිවේදනය කළා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38