hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 ජූනි 29, පෙ.ව. 12:03



අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටු වීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවා තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: