hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ජූනි 27, පෙ.ව. 10:10



කුසල් මෙන්ඩිස් කියන නම කිව්ව සැණින් ඔබ නම් දන්නවා ඒ කවුද කියන්න.

මොකද ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැහැ.

පසුගියදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගය අවසන් වූ සැණින් කුසල් ඉන් ගොස් තිබෙනවා.

ඒ තම කුලුදුල් දරුවා දැක බලා ගැනීමටයි.

ඒ වන විටත් කුසල්ගේ ආදරණිය බිරිඳ නිෂෙල් දරුවා බිහි කර අවසන්.

ඔවුන් තම දරුවාට “හේලි” කියලා නම තිබ්බා කියලා තමයි ආරංචි.

කුසල් පියෙක් වෙන්නෙත් පියවරුන්ගේ දිනයේදී වීමත් විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස් සිය අත්දැකීම පළමු වරට මාධ්‍යට මෙසේ හෙළි කර සිටියා.

“දුව ලැබුන එක අලුත් අත්දැකීමක්. මගේ බිරිඳට දුව ලැබෙන්න ඉද්දි හරිම ආසාවෙන් හිටියේ අපි දෙන්නම එයාව දකිනකන්. මැච් එක වෙලාවෙදි තමයි එයාව හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා තිබුණේ. මැච් එක ඉවර වුණ ගමන් මම හොස්පිටල් එකට ගියා. එයාට කිසිම ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඊට පහුවෙනිදා තමයි මට බබාව බලන්න දුන්නේ. තව කෙනෙක් අපේ ජීවිතයට එක්කහු වුණා. ඉස්සරහට අලුත් ජීවිතයක්. ගොඩාක් සතුටින් ජීවත් වෙන්න බලනවා ඉස්සරහට.”