hit counter

2026 ජූලි මස 27 වන සඳුදා

2024 ජූලි 01, පෙ.ව. 12:04



මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන ජූලි මස 3 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 190,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වෙනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

මේ අතර, අද (30) දින සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම සිදු කළා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: