hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 ජූලි 05, පෙ.ව. 5:31



ඊයේ පැවති බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් ලේබර් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව මූලික ප්‍රතිඵල අනුමානයන් මගින් පෙන්නුම් කෙරෙනවා.

ලේබර් පක්ෂයට ආසන 410 ක් අනුමාන කෙරෙන අතර කොන්සර්වේටිව් පක්ෂයට ආසන 131 ක් ලැබේ යයි අනුමාන කරනු ලබනවා. මේ අතර ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 61 ක් ලැබේ යයි ද පෙන්නුම් කර තිබෙනවා.

මේ අතර අනෙක් වැදගත් ප්‍රතිඵල දෙක වන්නේ රිෆෝර්ම් පක්ෂය ආසන 13 ක් ලබාගන්නා බව සහ ස්කොටිෂ් ජාතික පක්ෂය ආසන 10 ට බසිනු ඇතැයි යන්නයි.

ලේබර් පක්ෂය විශාල ආසන සංඛ්‍යාවක් ලබාගත්ත ද ඔවුන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය එතරම් විශාල නොවන බවයි පෙනී යන්නේ. ඇතැම්විට එය ඔවුන් පරාජය වූ 2017 මහමැතිවරණයේදී ලේබර් පක්ෂය ලබාගත් ප්‍රතිශතය තරම්වත් නොවනු ඇති.