2024 ජූලි 05, පෙ.ව. 9:21
බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් මහමැතිවරණයේ පරාජය භාරගන්නා බව ප්‍රකාශ කළා. තම ආසනයේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී ඔහු මෙම ප්‍රකාශය සිදුකළා.
සුනාක් තම ආසනය පහසුවෙන් ජයගත් අතර එම අවස්ථාවේ සම්ප්‍රදායික ලෙස ඔහුට කතාවක් කිරීමට අවස්ථාව ලැබුණා. එහිදී ඔහු පැවසූයේ තමා ඒ වනවිට ද ලේබර් නායක කියර් ස්ටාමර් අමතා සුබපැතූ බවයි.
තමා ලන්ඩනයට පැමිණ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවත් යථා කාලයේදී තම ආසනය වෙත යළි පැමිණ එහි ජනතාව වෙනුවෙන් දිගටම කටයුතු කරන බවත් සුනාක් සඳහන් කළා.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15