2024 ජූලි 18, ප.ව. 10:18
බංග්ලාදේශයේ රජයේ රැකියා සඳහා වන කෝටා ක්‍රමයට එරෙහිව ක්‍රියාත්මක සිසු උද්ඝෝසණ අතරතුර ඇතිවූ ගැටුම්වලින් 17 දෙනකු මියගොස් ඇති බව විරෝධතාකරුවන් පවසනවා.
එරට නිදහස් සටනට සම්බන්ධ වූවන් හා ඔවුන්ගේ පවුල්වල අය සඳහා වෙන්ව ඇති කෝටාව ඇතුළුව පවතින කෝටා ක්‍රමය අහෝසි කිරීම මෙම සිසු උද්ඝෝෂණවල ප්‍රධාන ඉල්ලීමයි.
නිදහස් සටනට සම්බන්ධ වූවන්ගේ පවුල්වලට සියයට තිහක කෝටාවක් ලැබෙන අතර අවවරප්රසාදිත පළාත්වලට, කාන්තාවන්ට, සුළු ජනවර්ගවලට සහ ආබාධිත පුද්ගලයන්ට තවත් කෝටාවන් හිමිවනවා. සමස්ථයක් ලෙස රජයේ රැකියා සඳහා සියයට 56 ක කෝටාවක් මෙසේ විවිධ පාර්ශව වෙත බෙදී යනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රමයට එරෙහි උද්ඝෝෂණ පසුගිය දිනවල වඩාත් දරුණු අතට පත්වුණා. ඒ අතරම පාලක බංග්ලාදේශ් අවාමි ලීගයට සම්බන්ධ සිසු ව්‍යාපාරයේ සාමාජිකයන් විරෝධතාකරුවන්ට පහර දුන් බව ද වාර්තා වනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16