hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2024 ජූලි 22, ප.ව. 12:24



2024 ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ජැෆ්නා කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් මාවල්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තේය.

ටිම් සයිෆර්ත් ලකුණු 47ක් ද,භානුක රාජපක්ෂ පන්දු 34කින් ලකුණු 82ක් ද ලබා ගත්තා.

අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් ද, ජේසන් බෙරන්ඩොෆ් කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 15.4කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 185ක් ලබා තරගය ජය ගත්තා.

රයිලි රුසෝව් නොදැවී ලකුණු 106ක්ද, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 72යි.

රයිලි රුසෝව් අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයාට බවට පත් විය.

චමිඳු වික්‍රමසිංහ තරගාවලියේ නැගී එන ක්‍රීඩකයයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මීට පෙර 2020,2021 සහ 2022 වසරේදී LPL ශූරතාව දිනා ගත්තාය.