2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:24
2026 World Athletics Ultimate Championships තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වට ශ්‍රී ලංකා සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද සහභාගි වීමට නියමිතයි.
ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් හඳුන්වා දුන් නවතම මලල ක්‍රීඩා තරගාවලිය වන World Athletics Ultimate Championships තරගාවලියට ලොව සුපිරිතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සහභාගි වනවා.
World Athletics Ultimate Championships පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට ලොව අංක එකේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග සහ හිටපු අංක එකේ ක්‍රීඩකයා වන ජර්මනියේ ජූලියන් වෙබර් ද එක්වන අතර ඔහු දෙදෙනා මෙම වසරේදී එකිනෙකා හමුවන පළමු අවස්ථාව ද මෙයයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 9.43ට පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ආරම්භ වීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:36
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:08
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05