hit counter

2026 සැප්‍තැම්‍බර් මස 12 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:08



2026 ආසියානු කුසලාන කාන්තා T 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙවන අවසන් පූර්ව තරගයේදී පාකිස්ථාන කාන්තා කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්ය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා පිළ පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය.

නායිකා ෆතිමා සනා නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා.

චමුදි ප්‍රබෝධා ලකුණු 25කට කඩුලු 2ක් හා චමරි අතපත්තු ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 6ක් දැවී ලකුණු 136ක් ලබා තරගය ජය ගන්නට සමත් වුණා.

ඉමේෂා දුලානි ලකුණු 24ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 36ක් ලබා ගත්තා.

කවීෂා ඩිල්හාරි 33ක් ද,නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේය.

පසුගිය වර කාන්තා ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා පිළ හෙට අවසන් මහා තරගයේදී ඩුබායි ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.