hit counter

2026 සැප්‍තැම්‍බර් මස 13 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:36



2026 කාන්තා ආසියානු කුසලාන T 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි. 

තරගය අද රාත්‍රි 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලානය අවසන් තරගයකදී තරග වදින 7 වැනි අවස්ථාව ද මෙයයි.

ඉන්දියාව අවසන් මහා තරගයේදී අඛණ්ඩව හමුවන 3 වන අවස්ථාව ද මෙය වන අතර චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 2024 වසරේදී ශූරතාව දිනා ගන්නට සමත් වුණා.