hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 26, ප.ව. 1:01



රුසියාව විසින් දැනට යුක්‍රේනයේ එල්ල කරන ප්‍රහාරක මෙහෙයුම් ඒ ආකාරයෙන්ම දිගටම පවත්වාගත හැක්කේ තවත් මාස එකහමාරක් පමණක් බවත් එයින් අනතුරුව එම ප්‍රහාර අඩපණ වී රුසියාවට ආරක්ෂාකාරී උපක්‍රම භාවිතා කිරීමට සිදුවනු ඇති බවත් යුක්‍රේනයේ ජාතික මුරභට හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් ඔලෙක්සන්දර් පිව්නින්කෝ පවසනවා.

පසුගිය සමයේ රුසියාව ජයග්‍රහණ කිහිපයක් ලැබුවද ඒ සඳහා ඔවුන්ට විශාල කැපකිරීමක් කරන්නට සිදුවූ බවත් එය දිගටම පවත්වාගැනීම ඔවුන්ට අපහසු බවත් යුක්‍රේන යුධ හමුදා වෙබ් අඩවිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පිව්නින්කෝ පැවසුවා.

රුසියානු ප්‍රහාර දුර්වල වනවිට යුක්‍රේනය සිය ශක්තිය යළි ගොඩනැගීම කෙරේ අවධානය යොමු කළයුතු බව ද පුහුණුව​, පුහුණු කඳවුරු, ආයුධ සහ යුධෝපකරණ ලබාගැනීම සහ නිපදවීම​, ඩ්‍රෝන​, ගුවන් ආරක්ෂණ පද්ධති යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.