2024 ජූලි 29, පෙ.ව. 10:01
පලස්තීන ප්‍රශ්නය නිරාකරණය නොවන්නේ නම් ඊශ්‍රායලය වෙත හමුදා එවීමට සිදුවිය හැකි බව තුර්කි ජනාධිපති රචෙප් තයෙප් එර්දොවාන් අනතුරු අඟවනවා.
ජූලි 28 වනදා සිය දේශපාලන පක්ෂය වන සාධාරණත්ව සහ සංවර්ධන පක්ෂයේ රැළියක් අමතමින් එර්දොවාන් කියා සිටියේ කරබාක් හි ගැටුම් නිරාකරණයට මෙන්ම ලිබියාවේ යුද්ධයට මැදිහත් වූ පරිද්දෙන් පලස්තීන අර්බුදය කෙරේ ද මැදිහත්වීමට සිදුවිය හැකි බවයි. ඒ සඳහා තුර්කිය ශක්තිමත්ව සිටිය යුතු බව ද ඔහු කියා සිටියා.
කරබාක් හි යුද්ධයේදී තුර්කිය අසර්බයිජානය වෙත සහය පළ කළ බව ප්‍රකට කරුණක් වුව ද තුර්කි හමුදා ඊට ඍජුව දායක වූ බවක් මින් පෙර සඳහන් ව තිබුණේ නැහැ.
තුර්කිය 400,000 කට අධික නිත්‍ය හමුදාවක් සහිත නේටෝ සාමාජිකයකු වන අතර නේටෝවේ දෙවැනි විශාලම නිත්‍ය හමුදාව එය සතුව තිබෙනවා. එමෙන්ම තුර්කියට සැලකිය යුතු නාවික සහ ගුවන් බලයක් ද සතුයි.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48