2024 ජූලි 29, පෙ.ව. 10:18
ලෙබනනය සමග යුද්ධයක් වැළැක්වීමේ අවසන් අවස්ථාව එළඹ ඇතැයි ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
සෙනසුරාදා (27) සන්ධ්‍යාවේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරය වෙත එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් සහ තරුණයින් 12 දෙනකු මියගිය පසු මෙම උණුසුම්කාරී තත්ත්වය මතුව තිබෙනවා. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට ඊශ්‍රායලය චෝදනා කරතත් එම චෝදනා එම සංවිධානය විසින් ප්‍රතික්ෂේප කෙරෙනු ලබනවා. හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කළේ ඊශ්‍රායල අයර්න් ඩෝම් මිසයිලයක් එහි ගමන් මග වැරදී මෙසේ ගෝලාන් කඳුකරයේ කඩාවැටුණ බවයි.
සෙනසුරාදා ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ද ගුවන් ප්‍රහාර එල්ල කළා. එමෙන්ම හිස්බුල්ලා සංවිධානයට මින් පෙර නොවිරූ අයුරින් වන්දි ගෙවීමට සිදුවේ යයි ඊශ්‍රායලය අනතුරු අඟවනවා.
2023 ඔක්තෝබර් 8 වනදා පටන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් සිදුවන අතර හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කරන්නේ ගාසා තීරයේ සටන් නවත්වනතුරු තමන් ඊශ්‍රායලයට පහර දෙන බවයි. උතුරුදිග ඊශ්‍රායලයේ ජනාවාස රැසකින් ජනතාව ඉවත් කිරීමට ඊශ්‍රායලයට සිදුව ඇති අතර දකුණුදිග ලෙබනනයෙන් හිස්බුල්ලා සංවිධානය ඉවත් කිරීම තම අරමුණ බව ඊශ්‍රායලය සඳහන් කරනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16