2024 ජූලි 29, පෙ.ව. 11:16
අගමැති නරේන්ද්‍ර මෝදි අගෝස්තු මාසයේදී යුක්‍රේනයේ සංචාරයක නිරත වීමට සූදානම් වන්නේ යයි වාර්තා වන පසුබිමක ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ්‍රමනියන් ජයිශංකර් යුක්‍රේනය ඇතුළු විවිධ මාතෘකා පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබෙනවා.
ක්වොඩ් සංවිධානයේ හමුවක් සඳහා බ්ලින්කන් සහ ජයිශංකර් තෝකියෝ නගරයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා මේ කරුණු සාකච්ඡාවට ලක් කළා.
යුක්‍රේන යුද්ධය අතරතුර ද ඉන්දියාව දිගටම රුසියාව සමග සබඳතා පවත්වාගෙන යන අතර රුසියාවට එරෙහි සම්බාධක සඳහා එක්වන ලෙස බටහිරින් පැමිණි ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. මේ අතර ඉන්දියාව යුක්‍රේනය සමග ද සබඳතා පවත්වාගෙන යනවා.
නොබෝදා අගමැති නරේන්ද්‍ර මෝදි රුසියාවේ කළ සංචාරය යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ දැඩි විවේචනයට හේතු වුණා. ඉන්දියානු විදේශ අමාත්‍යංශය ඒ පිළිබඳ කරුණු විමසීමට යුක්‍රේන තානාපතිවරයාව කැඳවන්නට ද කටයුතු කළා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48