2024 අගෝස්‍තු 01, ප.ව. 10:24
ජූලි 13 වනදා ඛාන් යුනිස් ප්‍රදේශයෙහිදී එල්ල වූ ප්‍රහාරයෙන් හමාස් සන්නද්ධ අංශයේ ප්‍රධානී මොහොමඩ් ඩයිෆ් මියගිය බව තහවුරු කළ හැකි යයි ඊශ්‍රායල සන්නද්ධ අංශ අද නිවේදනය කළා.
එම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඩයිෆ්ගේ මරණය පිළිබඳ තහවුරු කළ නොහැකි වූ අතර හමාස් සංවිධානය පැවසූයේ සිය මිලිටරි ප්‍රධානියා එම ස්ථානයේ නොසිටි බවයි.
එහෙත් ඊශ්‍රායලය අද ප්‍රකාශ කළේ අලුතින් ලද බුද්ධි තොරතුරු අනුව ඩයිෆ්ගේ මරණය තහවුරු කළ හැකි බවයි.
එම මෙහෙයුම ඊශ්‍රායලයේ අභ්‍යන්තර ආරක්ෂක සේවය වන ශින් බෙත් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශයන් හි සාර්ථක මෙහෙයුමක් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට පැවසුවා.
ජූලි 13 වනදා ප්‍රහාරයෙන් ඛාන් යුනිස් බ්‍රිගේඩයේ ප්‍රධානී රෆා සලාමෙහ් ද මියගිය බවයි ඊශ්‍රායලය පැවසූයේ. සලාමෙහ් රැඳී සිටි ස්ථානයක් දින භාගයක් තිස්සේ ගුවනින් නිරීක්ෂණය කළ බවත් එම ගොඩනැගිල්ලට ඉහළ අහසේ දිගටම ගුවන් යානා දෙකක්වත් රඳවා තිබූ බවත් ඊශ්‍රායලය පවසනවා. මේ අතර එම ස්ථානයට ඩයිෆ් පැමිණි බව දැනගත් අතර එවිට ප්‍රහාරය ක්‍රියාත්මක කළේ යැයි ඊශ්‍රායල සන්නද්ධ හමුදා ප්‍රකාශ කළා.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15