hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 අගෝස්‍තු 04, ප.ව. 5:54



රුසියාවට අයත් රස්තෝෆ්-නා-දෝනු සබ්මැරීනය ගිල්වා දැමීමට සමත් වූ බව යුක්‍රේන හමුදාව නිවේදනය කළා. ඔවුන් සඳහන් කළේ අගෝස්තු 2 වනදා ක්‍රිමියාවේ සෙවස්තෝපල් වරාය ප්‍රදේශයේදී මෙසේ එම සබ්මැරීනය ගිල්වූ බවයි.

එමෙන්ම ක්‍රිමියාවේ තිබූ S-400 ගුවන් ආරක්ෂණ පද්ධතියකට පහර දී විනාශ කිරීමට සමත් වූ බව යුක්‍රේනය පැවසුවා.

කිලෝ පන්තියට අයත් රස්තෝෆ්-නා-දෝනු සබ්මැරීනය කැලිබර් වර්ගයේ කෲස් මිසයිල දියත් කිරීමට සමත් යාත්‍රාවක්. එය 2023 සැප්තැම්බර් 13 වනදා හානියට පත්ව අලුත්වැඩියා කරන ලද බවයි සඳහන් වන්නේ. එයින් අනතුරුව එය පරික්ෂා කෙරෙන අතරතුර දී මෙම ප්‍රහාරය එල්ල කළ බවයි යුක්‍රේනය කියා සිටියේ.

කෙසේ වෙතත් රුසියාව මේ පිළිබඳ කිසිවක් සඳහන් කර තිබුණේ නැහැ.