hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 05, ප.ව. 2:58



මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා (ඔන් එරයිවල් වීසා) පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් අධිකරණ තීන්දුව අධ්‍යනය කර හෙට දිනයේ ඉදිරිපියවර ගැනීමට නියමිතව ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා අද (4) පැවසුවා.

ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීම විදේශ සමාගම් හරහා ක්‍රියත්මක කිරීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමයක් නොමැති බවත් ඒ මහතා කීය.

දින 30 ක් පමණක් වලංගු ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් තහනමට ලක්වූ නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළන් වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් ගුණතිලක මහතා සඳහන් කළේය.

මාස 6 ක, වසර දෙකක, වසර තුනක ලෙස එම වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් දුරකථන සමාගමක් පවසන ආකාරයට එම වීසා නිකුත් කිරීමේ යෝජනාවක් නොතිබුණු බවත් ඒ මහතා පැවසීය.

රටක වීසා නිකුත් කිරීම නතර කළ නොහැකි ක්‍රියාවලියක් බැවින් කිසියම් හෝ ක්‍රමවේදයකට එය ක්‍රියාත්මක කළ යුතු බව කී වියානි ගුණතිලක මහතා පැවසුවේ අදාල දුරකථන සමාගම සමඟ හෝ කටයුතු කිරීමට සිදුවන බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: