2024 අගෝස්‍තු 06, පෙ.ව. 12:10
නවිදි රැපියෙල් කියන නම ඔබට නුහුරු වුණත් අමෝදිව නම් ඔබට හොඳට හුරුපුරුදු ඇති.
දිල්ෂාන් අමරසිංහගේ සංසාරිණී ටෙලි නාට්‍යයේ අමෝදි හරහා ඔබ හමුවට එන නවිදි රංගනයට පිවිසෙන්නේ ප්‍රදීප් ධර්මදාසයේ දිව්‍යාදරී ටෙලි නිර්මාණයේ තුෂීගේ භූමිකාවෙනි.
නවිදිගෙ පවුලෙ තොරතුරු ටිකකුත් කියමු?
මං පදිංචි වෙලා ඉන්නේ කොළොන්නාවේ. මං අධ්‍යාපනය හැදෑරුවේ ජාත්‍යන්තර පාසලක. සාමාන්‍ය පෙළ දක්වා නර්තනය කළා. ඊට පස්සේ නාට්‍ය හා රංග කලාව විෂයයක් හැටියට කළා. ඊට අමතරව පිහිනුම් සහ නෙට්බෝල් කළා. පාසල් වේදිකාව මට නුහුරු නෑ. මේ වෙද්දි මං ව්‍යාපාර කළමනාකරණය හදාරන දෙවැනි වසරේ සිසුවියක්. මට ඉන්නෙ අම්මා, තාත්තා, මල්ලි වගේම ආච්චි, සීයා. මං වැඩිපුරම ආදරේ සීයාට. ඒත් එයා දැන් ජීවතුන් අතර නැහැ. මගෙ තාත්තා සංගීතය කරන කෙනෙක්. අපේ ගෙදර තියෙන්නෙත් සංගීතමය පරිසරයක් නිසා මාත් ගොඩක් කැමැතියි සංගීතයට. ගිටාර් එකයි මායි තමයි ගොඩක් දුරට කාමරේට වෙලා ඉන්නේ.
නවිදි ආදරවන්තියක් ද කියල ඇහුවොත්?
ඇත්තම කිව්වොත් මං තාම කවදාවත් එහෙම බැඳිමකට ගිහින් නෑ. මං සාමාන්‍යයෙන් වැඩිය එළියට යන්නෙ නැති යාළුවොත් ගොඩක් නැති තනියෙන් ඉන්න චරිතයක්. පිරිමි ළමයි එක්ක කතාබහ කරලා නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒත් තාම ආදරයක් දක්වා ගිහින් නැහැ. ඉදිරියේදි මාත් ආදරය කරාවි.
2026 මාර්තු 03, ප.ව. 3:10
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26