hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2024 අගෝස්‍තු 09, පෙ.ව. 12:04



මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට එම ඖෂධ 250ක හිඟයක් පැවති බවය.

නමුත් වර්ථමානය වන විට ජාතික මට්ටමේ හිඟතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක ප්‍රමාණයක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එම ඖෂධ 52 සඳහා ආදේශක ඖෂධ මෙරට තුළ පවතින බවත් මින් ඇතැම් ඖෂධ ඇණවුම් කර තිබූ බවත් සහ එම ඇණවුම් ලැබෙමින් පවතින ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

තවද ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල පවතින බවත්, ඖෂධ හිඟය ක්‍රමාණූකූලව අවම වී යන බැවින් ඉදිරි කාලයේ දී ඖෂධ හිඟය මග හැරී යනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: