2024 අගෝස්‍තු 09, පෙ.ව. 9:52
            
මැතිවරණ කොමිසමේ නියෝගය නොතකා රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව සැප්තැම්බර් මස සිට ගෙවන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර වැරදි පූර්වාදර්ශයක් ලබා දීම සම්බන්ධයෙන් මෙම 12 වැනිදාට පෙර පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්නට ඊයේ (08) ලිපියකින් දැනුම් දී තිබෙනවා.
එම ලිපියේ දැක්වෙන්නේ, මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන සමයක රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක අතුරු දීමනාවක් ගෙවීම නුසුදුසු බැවින් එම ගෙවීම ඔක්තෝබර් මස දක්වා කල් තබන ලෙස මැතිවරණ කොමිසමේ පැවැති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමකදී දැනුම් දුන් බවත් එම උපදෙස්වලට පටහැනිව එම දීමනාව සැප්තැම්බර් මාසයේ සිටම ගෙවන ලෙස පළාත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් මඟින් සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් ලබා දීමෙන් සියලු රජයේ සේවකයන්ට වැරදි පූර්වාදර්ශයක් ලබා දී ඇති බවත්ය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ(4)(අ) අනුව්‍යවස්ථාව අනුව ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව තුළදී රජයට අයත් මොනයම් හෝ දේපළක් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට භාවිත කිරීම තහනම් කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බව සඳහන් කරන අතර (ආ) අනුව්‍යවස්ථාව අනුව ඒ හා සම්බන්ධ නියමයන් ක්‍රියාත්මක කිරීමට රජය සතු දේපළ භාරව සිටින සියලු නිලධාරීන් බැඳී සිටින බවත් ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 10:08
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 6:16
                                                        2025 නොවැම්‍බර් 01, ප.ව. 4:43
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 9:46
                                                        2025 ඔක්තෝබර් 30, ප.ව. 3:13
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25