2024 අගෝස්තු 14, පෙ.ව. 12:02
 
            
කසුන් මාධවී කියන්නේ පසුගිය කාල සීමාවේදී බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වෙච්චි ආදරණීය යුවළක්.
මේ යුවළ සමාජ මාධ්‍ය හරහා මේ දිනවල වැඩි වශයෙන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවය සමඟයි.
ඉතින් නැවත වතාවක් මාධවී විවාහ වුණා.
ඇයගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්වලදී විවාහය කියන දේට සමුදෙන්න විවිධ හේතු නිසා එයට සිද්ධ වුණා.
හැබැයි ඊට පස්සේ ඇයට ඇයව තේරුම් ගත්ත ආදරණීය හදවතක් හම්බ වුණා.
ඔහු තමයි ප්‍රසිද්ධ ගීපද රචකයෙක් සහ නීතිඥයෙක් වශයෙන් කටයුතු කරන කසුන් මහේන්ද්‍ර හීනටිගල.
ඉතින් කසුන් කියන්නේ බොහොම සරල පවුලක හැදුනු පුද්ගලයෙක්.
මහේන්ද්‍ර කියන්නේ කොහොමත් කවි කාරයෙක් නේ.
දැන් ඒ කවි කාරයාගේ සතුට පිරී ඉතිරී ගිහින්.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.
දැන් ඉතින් තාත්තාකෙනෙක් වෙන්න පෙරුම් පුරපු ඔහුගේ ඒ හීනයත් සැබෑ වෙලා.
කිරි සිහිනයට දින ගනින ගමන් මෙන්න මේ විදිහට එයා ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා.
අපි ආදරේ කරන්න පටන්ගත්ත මුල් දවස්වල මං වැඩීපුරම බලාන උන්නෙ ඔයාගෙ ඇස් දිහා. ඇහි පිහාට්ටක් සැලෙන වාරයක් වාරයක් පාසා මට දැනුණෙ මගේ ජීවිතේ සුන්දරම සුයාමයන් මං ගත කරන්න නියමිත ඔයා එක්ක කියලා. දවසක් දවාලක ඔයයි මායි මැරීන් ඩ්රයිව්වෙකේ තියෙන දමිළ ආහාර සංස්කෘතියට ප්‍රසිද්ධියක් උසුලන ‘ද්වාරකා’ හෝටලේට ගියා මං ආසම තාලි කන්න. එදා අපිට පේන මානෙ පුංචි සිඟිත්තියක් උන්නා හරිම බුහුටි කටකාර ඒ වගේම දඟකාරකම් පාන. ඔයා එයා දිහා හරිම ආදරෙන් බලාන ඉන්නව මං දැක්කෙ ඔයාගෙ හැම ඇහි පිහාට්ටක් පාසා ම සනහස වෑහිච්ච හින්දා. ඒක මං මේ වෙනකල් ඔයාටවත් කීවෙ නෑ. තව දවසක් මතකද අපි දෙන්නා පීවීආර් එකේ ෆිල්ම්මෙකක් බලන්න ගිය වෙලාවක ‘පොප් කෝන්’ පෝළිමේ ඉද්දි පුංචි කොලු පැටියෙක් උන්නා අම්මගෙනුයි තාත්තාගෙනුයි හරි හරියට ප්‍රශ්න අහන. ඔයා ඒ සිඟිත්තා දිහා බලාගෙන ඉඳලා ‘හරි කියුට් අනේ’ කියලා හෙමීට මට කිව්වා. අන්න එතකොටත් මං දැක්කෙ ඔය ඇස් පිහාට්ටෙන් පිහාට්ට ආදරෙන් දිලිසෙනවා ; හරියට තරු රටාවක් වගේ එක දිගට එකපෙළට.
ඉතිං මගෙ රත්තරං මේ ඉන්නෙ දුවෙක් වුණත්, පුතෙක් වුණත් මං හොඳාකාරව ම දන්න එකම දේ ඔයා වගේ අම්මා කෙනෙක්ගෙ ආදර උණුහුම අසීමාන්තිකව ලබන ඒ දරු පැටියා ‘මේ ලෝකෙ වාසනාවන්ත ම කෙනා’ කියනෙක විතරමයි ! එපමණයි !
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25