hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2024 අගෝස්‍තු 18, පෙ.ව. 12:06



ශ්‍රී ලංකාව වැනි රටක තරුණියකට තනියෙන් ජීවත් වීම පහසු කරුණක් නොව බව ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ, ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

“මම විශ්වාස කරනවා සංසාරේ මොකක් හරි පිනක් කරලා ඇති ගල් පර්වතයක් වගේ ඉන්න. ලංකාවේ වගේ රටක එහෙම ගැහැනු ළමයෙක්ට තනියම ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. මට හරි සැහැල්ලුවෙන් කියන්න පුළුවන් මයි කාර් මයි පෙට්‍රල් කියලා. ඒක කියන තරම් ලෙහෙසි නැහැ. අපි ඉන්නේ හොඳ සමාජයක නෙවෙයි. තනියම හැමදේම කරගෙන ජීවත් වෙන්න හයිය හදවතක් තියෙන්න ඕනේ. මොන දේ වුණත් දරාගෙන ඉස්සරහට යනවා කියන ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම තියෙන ඕනෙම ගැහැනු කෙනෙක්ට මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන්. එකම දේ තමයි තමන්ට තමන්ම සොරි කිව්වොත් එතැන තමයි වැටීම. අනේ මට මේ දේ නැහැ අරක නැහැ කියලා හිතුවොත් ඉවරෙටම ඉවරයි.”

එහි දී ඇයගේ විවාහය සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර තිබුණා.

ඊට පිළිතුරු ලබා දෙමින් යුරේනි ප්‍රකාශ කර තිබුණේ, “බලමු ඉතින් අවුරුදු 50දී හරි නිවැරදි කෙනා හමුවුණොත් බඳියි.” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: