2024 අගෝස්තු 21, ප.ව. 11:04
යුක්‍රේනයට නැගෙනහිර පෙරමුණේ සටන්බිමේ දී නැවතත් කාලතුවක්කු උණ්ඩ පාලනයකින් යුක්තව භාවිතා කිරීමට සිදුව ඇතැයි ෆයිනෑන්ශල් ටයිම්ස් පුවත්පත පවසනවා.
එම පුවත්පත සඳහන් කරන්නේ අගෝස්තු 6 වනදා අරඹන ලද කුර්ස්ක් ප්‍රහාරයෙන් අනතුරුව එදෙසට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇති නිසා යුක්‍රේනය නැගෙනහිර පෙරමුණේ අවි හිඟයකින් පෙලෙන බවයි.
කුර්ස්ක් ප්‍රදේශයේ යුක්‍රේනියානුවන් තවමත් සුළු ජයග්‍රහණ ලබන අතර නැගෙනහිර පෙරමුණේ පක්‍රොව්ස්ක් හි රුසියානුවන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. මේ අතර නිව්-යෝර්ක් ගම්මානය තමන් අතට පත්වූ බව රුසියාව සඳහන් කළා.
කුර්ස්ක් පළාතේ සීම් නදිය මතින් වැටුණ පාලම් තුනට පහරදීමට යුක්‍රේනියානුවන් සමත් වූ අතර එහි තාවකාලික පාලම් ඉදිකිරීමට රුසියානුවන් ගන්නා උත්සාහයට ද බාධා කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34