hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 23, ප.ව. 12:33



යුක්‍රේන පාලනය යටතේ පවතින පක්‍රොව්ස්ක් නගරය ආසන්නයට රුසියානු හමුදා පැමිණෙමින් තිබෙනවා. යුක්‍රේනියානු නගර පරිපාලනය සහ පොලිසිය ද එයින් ඉවත්ව ඇති බව “ද ඉකොනොමිස්ට්” සඟරාව වාර්තා කර තිබෙනවා.

මේ අතර සිවිල් වැසියන්ට ද නගරයෙන් ඉවත්ව යන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. නගරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණ ද වසාදමා ඇතැයි වාර්තා වනවා.

රුසියානු හමුදාවන් පසුගිය දිනවල කෙමෙන් කෙමෙන් පක්‍රොව්ස්ක් වෙත පැමිණි අතර යුක්‍රේනියානුවන් කාලතුවක්කු උණ්ඩ හිඟය මෙන්ම පිරිස් බලය හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර කුර්ස්ක් පළාතට කඩාවැදුණ යුක්‍රේන හමුදා තවමත් සුළු වශයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බව ද වාර්තා වනවා. එහිදී රුසියානු හමුදාවෙහි තුන් දහසක පමණ පිරිසක් කොටුවීමේ අවදානමක් ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පැවසුවා. නමුත් රුසියානු හමුදා එහිදී ද යුක්‍රේනියානුවන් වෙත පහරදෙමින් සිටිනවා.

රුසියාවේ මූලික අවධානය මේ වනවිට ඇත්තේ පක්‍රොව්ස්ක් සටන ජයගැනීම කෙරෙහි බවයි වාර්තා වන්නේ.