2024 අගෝස්තු 29, පෙ.ව. 12:03
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් පාස්පෝට් පොත් සංචිත විසි දහසක පමණ ප්‍රමාණයක් දක්වා අඩු වීමෙන් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අවුල් ජාලාවක් බවට පත්ව තිබේ.
මෙම තත්ත්වය හමුවේ ගුවන් ගමන් බලපත්‍ර දෙසීය පනහක පමණ සංඛ්‍යාවක් දින වේලා වෙන්කරගත් පිරිස් හට දෛනිකව නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියා සිටියි.
මෙම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේත් ප්‍රාදේශීය කාර්යාලවලත් නිසි වැඩපිළිවෙළකට අනුව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් නොවීම මත ඉල්ලුම්කරුවන්ට දින දෙක තුනක පමණ කාලයක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙන බව එම පරිශ්‍රයේ කළ නිරීක්ෂණවලදී පැහැදිලිය.
පවතින ගුවන් ගමන් බලපත්‍ර නිකුත් ක්‍රමවේදය වෙනුවට ඉලෙක්ට්‍රෝනික් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය ගත් තීරණය මත අදාළ ඉලෙක්ට්‍රෝනික් ගමන් බලපත්‍ර ගෙන ඒමේ ටෙන්ඩරය පුද්ගලික සමාගමක් වෙත ලබාදී ඇත.
මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දැනට නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර හිස් පොත් ගෙන්වීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර නොගැනීමත් ඉලෙක්ට්‍රෝනික හිස් ගුවන් ගමන් බලපත්‍ර ලැබීම ලබන ඔක්තෝබරයදී සිදුවීමත් මත ගැටලුකාරී තත්ත්වය උද්ගත වී අත.
මේ වනවිට ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිස urgent මෙවලම ඔස්සේ තොරතුරු ඇතුළත් කර දින වේලාවක් වෙන් කරගත යුතුව ඇති බවත් ඒ අනුව පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබාගතහැකි බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නමුත් ඉල්ලුම්කරුවන් චෝදනා කරන්නේ එලෙස දින වේලා වෙන්කරගත් අයට පවා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වැරදි ක්‍රියාපිළිවෙතක් ඔස්සේ සිදුවන බවය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කරන්නේ ඉලෙක්ට්‍රෝනික හිස් ගුවන් ගමන් බලපත්‍ර පොත් පනස් දහසක් ලබන ඔක්තෝබරය අවසානයේ හෝ ඊට පෙර ලැබීමට නියමිත බවය.
එම කාලය වන තෙක් අත්‍යවශ්‍යම දේකට හැර ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමෙන් වළකින ලෙසය. එසේම මේ වනවිට ගුවන් ගමන් බලපත්‍ර ලබාගත් පිරිසෙන් විදෙස් ගතවී ඇත්තේ සියයට විසි තුනක ප්‍රතිශතයක් පමණක් බවද එම නිවේදනයේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු විමසීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා දුරකතනය මගින් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයන් රාශියක්ම ව්‍යාර්ථ වී ගියේ ඔහු දුරකතනයට දිගින් දිගටම ප්‍රතිචාර නොදැක්වීම මතය.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2025 ජනවාරි 02, ප.ව. 2:21
2025 ජනවාරි 02, ප.ව. 2:18
2025 ජනවාරි 02, ප.ව. 12:58
2025 ජනවාරි 02, පෙ.ව. 12:09
02-01-25
02-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24
31-12-24
31-12-24
30-12-24
30-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
17-12-24
17-12-24