2022 ජූනි 30, පෙ.ව. 11:20
මොරටුව , කටුබැද්ද මංසන්ධිය ආසන්නයේ වෑන් රථයක ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (29) දහවල් යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි මොරටුව පොලීසිය පවසනවා.
වෙඩි වැදීමෙන් මිය මියගොස් ඇත්තේ, පානදුර පින්වත්ත දුම්රිය පොල පාරේ පදිංචිව සිටින යොන්මේරිඤ්ඤ හේවගේ නිලන්ත කුමාර සිල්වා හෙවත් පින්වත්තේ උක්කුවා යන අය සහ පානදුර, කළුදෑවල, හේනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් අර්ෆත් ශම්සාන් යන අයවලුන් බවට හදුනා ගෙන තිබෙනවා.
මියගොස් ඇති පින්වත්තේ උක්කුවා නැමැත්තා ජීවිතාන්තය දක්වා සිර දඩුවම නියම වී ඇප මත නිදහස්ව පැමිණ සිටි අයෙකු බවද වාර්තා වෙනවා.
ඊයේ දහවල් එකට පමණ වෑන් රථය කටුබැද්ද දෙස සිට පිළියන්දල දෙසට ගමන් කර කටුබැද්ද මංසන්ධියේ සිට මීටර් දෙසීයක පමණ දුරකින් වෑන් රථය නවතා ඇති අතර, පසුපසින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
අදාළ වෙඩි තැබීම අසළ තිබූ CCTV කැමරාවකද සටහන් වී තිබෙනවා.
සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණි දියණියක් විලාප තබමින් මෙසේ හඬා වැටුණා,
“අනේ මගේ තාත්තේ. මට මගේ තාත්තා එක්ක ඉන්න දුන්නේ නැහැ. මගේ තාත්තා අවුරුදු 17ක් හිටියා. මගේ තාත්තා මගේ ජිවිතේ.”
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්තු 31, පෙ.ව. 12:08
2025 අගෝස්තු 31, පෙ.ව. 12:03
2025 අගෝස්තු 30, පෙ.ව. 12:06