2024 සැප්‍තැම්‍බර් 03, ප.ව. 12:42
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මොන්ගෝලියාවේ සංචාරයක් සඳහා පැමිණියා. ජාත්‍යන්තර අපරාධ අධිකරණ වරෙන්තුවක් තමන්ට එරෙහිව නිකුත් කරන ලද පසු එම අධිකරණයේ සාමාජික රටක් වෙත ඔහු පැමිණි පළමු අවස්ථාව මෙයයි.
පුටින් මෙසේ පැමිණියේ කල්ඛින් ගොල් සංග්‍රාමයන් හි 85 වන සංවත්සරය සැමරීමටයි. 1939 දී එවකට සෝවියට් දේශය සහ මොන්ගෝලියාව එක්ව ජපන් අධිරාජ්‍යයීය හමුදාවන් පරාජය කළ කල්ඛින් ගොල් සංග්‍රාමයන් දෙවන ලෝක යුද්ධය ආසන්නයේ මතුවූ වැදගත් වූ යුධ ගැටුමක් වුණා.
පුටින්ව මොන්ගෝලියාවේදී අත්අඩංගුවට ගන්නා ලෙස යුක්‍රේනය බටහිර රටවල් ඉල්ලීමක් කර තිබුණා. නමුත් මොන්ගෝලියාව එය ක්‍රියාවට නගන බවක් පෙනෙන්නට නැහැ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24