2024 සැප්තැම්බර් 07, ප.ව. 10:56
ප්‍රංශයේ අගමැති ලෙස රිපබ්ලිකන් පක්ෂයේ මිශෙල් බාර්නියර් පත්කිරීමට එරෙහිව එරට වාමාංශික පක්ෂ සිය විරෝධය දක්වනවා.
නොනැමුණු ප්‍රංශය පක්ෂයෙහි නායක ශෝන් ලුක් මිලැන්ශොන් සඳහන් කර තිබුණේ ප්‍රංශ ජනතාව එම පත්කිරීමට එරෙහිව වීදි බැසිය යුතු බවයි.
පසුගියදා පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී වාමාංශික පක්ෂ කිහිපයකින් සැදුම්ලත් සන්ධානය වැඩිම ආසන සංඛ්‍යාව දිනාගත් නමුත් බහුතර බලය ඔවුන්ට ලැබුණේ නැහැ.
වාමාංශික අගමැතිවරයකු නම් කිරීම ජනාධිපති මැක්රොන් ප්‍රතික්ෂේප කළ අතර, එම සන් ධානයට ද අගමැති අපේක්ෂකයකු ලෙස එක් අයකු තෝරාගැනීමට බොහෝ කල් ගතවුණා.
මේ අතරතුරදී මැක්රොන් විසින් 73 හැවිරිදි බාර්නියේ අගමැති ලෙස නම් කරනු ලැබුණා.
වාමාංශික පක්ෂවල විරෝධයට හේතු වී ඇත්තේ බාර්නියේ ප්‍රංශයේ ජාතිකවාදී කඳවුරේ ප්‍රධාන පක්ෂය වන ජාතික රැළියේ සහය ඇතිව ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ ඉඩකඩ යි.
ජාතික රැළිය බාර්නියේගේ ආණ්ඩුවට කෙලින්ම සම්බන්ධ නොවන බව ප්‍රකාශ කර ඇති අතර ඔහුගේ ප්‍රතිපත්තිවලට සහය දෙන්නේද, නැද්ද යන්න ඔහු එම ප්‍රතිපත්ති ඉදිරිපත් කළ විට තීරණය කරන බව ද පවසනවා.
වාමාංශික පක්ෂ බාර්නියේට සහය නොදෙන පසුබිමකදී ඔහුට පාර්ලිමේන්තු බහුතරයක් සාදාගැනීමට නම් ජාතික රැළියේ සහය අවශ්‍ය වනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16