2024 සැප්‍තැම්‍බර් 10, ප.ව. 9:52
රුසියාවේ මොස්කව් පළාත ඇතුළු පළාත් ගණනාවකට අද අලුයම යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුණා. රුසියානු බලධාරීන් කියා සිටියේ ඩ්‍රෝන 144 ක් විනාශ කළ බවයි.
මෙයින් ඩ්‍රෝන 72 ක් බ්‍රයාන්ස්ක් පළාතෙන් වාර්තා වූ අතර මොස්කව්, කුර්ස්ක්, බේල්ගරද්, අර් යෝල්, වරෝනිෂ්, තූලා, කලූගා සහ ක්‍රස්නදාර් පළාත්වලින් ද ඩ්‍රෝන වාර්තා වුණා.
මොස්කව් පළාතේ රමේන්ස්කයෙ නගරයේ තට්ටු නිවාස සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් කාන්තාවක මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබෙනවා. මේ අතර එම පළාතේ පදෝල්ස්ක්, ලුබර්ත්ස, දමදේදවා සහ කලෝම්න ප්‍රදේශයන් වෙතින් ද ඩ්‍රෝන බිමහෙලූ බව වාර්තා වුණා.
මොස්කව් හි වනූකවා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් තිහක් පමණ ප්‍රමාද වූ බව වාර්තා වන අතර ෂුකෝව්ස්කි සහ දමදේදවා ගුවන් තොටුපළ ස්වල්ප වෙලාවකට වසා දමන්නට ද කටයුතු කෙරුණා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24