2024 සැප්තැම්බර් 10, ප.ව. 10:03
ඉරානය විසින් රුසියාව වෙත බැලිස්ටික් මිසයිල ලබාදී ඇති බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් තහවුරු කළා.
බ්‍රිතාන්‍යයෙහි සංචාරයක නිරත ඔහු මේ කරුණ සනාථ කළේ එහිදී යි. එමෙන්ම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී හමුවූ ඔහු ලැමී සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වුණා.
එහිදී ඩේවිඩ් ලැමී කියා සිටියේ තමන් සහ බ්ලින්කන් යුක්‍රේන අගනුවර කීව් හි ඒකාබද්ධ සංචාරයක නිරත වන බවයි.
මෙම සංචාරය සැප්තැම්බර් 11 වනදා සිදුවනු ඇති බව වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසනවා.
ඉරානය විසින් රුසියාවට බැලිස්ටික් මිසයිල ලබා දී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත දින කිහිපයකට පෙර අනාවරණය කළා. නමුත් ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදා ජෙනරාල්වරයකු එරට මාධ්‍ය සමග කියා සිටියේ එම පුවත අසත්‍යයක් බවයි.
ඉරානය විසින් ලබාදුන් බව කියන බැලිස්ටික් මිසයිල සංඛ්‍යාව හෝ වර්ග හෝ පිළිබඳ තවමත් පැහැදිලිව නැහැ. ඉරානයේ ෆටෙහ්-360 බැලිස්ටික් මිසයිල තොගයක් මෙසේ ලබා දී ඇතැයි සැක කෙරෙනවා. ඒවා කිලෝමීටර් 120 ක පමණ දුර පරාසයක් සහිත, කිලෝග්‍රෑම් 150 ක යුධ හිසක් රැගෙන යා හැකි මිසයිලයක් වනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24