hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:06



දේශපාලන ඩීල් වෙනුවෙන් ලබාදුන් මත්පැන්හල් බලපත්‍ර ලබන 21 වැනිදායින් පසු අහෝසි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවැති සමගි ජන රැලිය අමතමින් ය.

එමෙන්ම, වැටුප් නොගෙන ජනතාව වෙනුවෙන් ජනාධිපති ධුරයේ සේවය කිරීමට තමන් සූදානම් බව ඒ මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් අනුරාධපුරදී පැවැත්විණ.

ඒ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: